SKIP TO MAIN CONTENT

COVID 19 update 10 August: පසුගිය රජය ඩොලර් මිලියන 21 ක් වියදම් කළ හැදූ COVIDSafe app එක කම්කරු රජය නවත්වයි

2022 අගෝස්තු 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIA CORONAVIRUS COVID-19
The COVIDSafe app was designed to trace positive cases and their close contacts. Source: AAP / LUKAS COCH/AAPIMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 124 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 52 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 35 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 30 ක්ද ඊට ඇතුළත් වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ 52 න් 40 ක් පසුගිය සතියේ සිදු වූ අතර 10 ක් පසුගිය දෙසතිය තුළ සිදු වූ බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

2020 වසරේ අප්‍රේල් මාසයේදී දියත් කරන ලද නාස්තිසහගත සහ අකාර්යක්ෂම COVIDSafe app එක ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

ධනාත්මක ආසාදිතයින් දෙදෙනෙකු සහ සමීප ආශ්‍රිතයින් 17 ක් පමණක් හඳුනාගත් එම app එක සඳහා පසුගිය ලිබරල් සන්ධාන රජය ඩොලර් මිලියන 21 ක් වියදම් කළ බව ඔහු පැවසීය.

අගෝස්තු 15 සිට, සෑම බටහිර ඔස්ට්‍රේලියානු නිවසියෙකුටම දැනට පවතින Drive-through කොවිඩ් පරීක්ෂණ ස්ථාන, නාගරික ප්‍රදේශයේ COVID-19 එන්නත් කිරීමේ සායන සහ ප්‍රාදේශීය කලාපවල COVID-19 පරීක්ෂණ සායන වලින් නොමිලේ RAT 20ක් ලබා ගත හැක.

වික්ටෝරියා ප්‍රාන්තය විසින් Japanese encephalitis එන්නත ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන නිර්ණායක පුළුල් කර ඇත.

Mildura, Swan Hill, Gannawarra, Campaspe, Moira, Greater Shepparton, Indigo සහ Wodonga නගර සභා කලාපවල ජීවත් වන හෝ සේවය කරන අවුරුදු 50ත් 65ත් අතර පදිංචිකරුවන්ට තෝරාගත් පවුලේ වෛද්‍යවරුන්ගෙන් සහ ඇතැම් COVID-19 එන්නත් මධ්‍යස්ථානවලින් නොමිලේ එම එන්නත් ලබා ගත හැකිය.

Australian Capital Territory හි Concession කාඩ්පත් හිමියන්ට දැන් ඔවුන්ගේ ප්‍රදේශයේ පුස්තකාලයෙන් නොමිලේ RAT කට්ටල තුනක් දක්වා ලබා ගත හැක.

කෙසේ වෙතත්, COVID-19 රෝග ලක්ෂණ ඇති අය ඔවුන්ගේ RAT කට්ටල Garran Surge මධ්‍යස්ථානයෙන් ලබා ගත යුතුය, නැතිනම් PCR පරීක්ෂණයක් කර ගත යුතුය.

Massachusetts තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් එන්නත් කිරීම, ආසාදනය හෝ මේ දෙකේ එකතුවකින් COVID-19 ප්‍රතිශක්තිකරණ මට්ටම හඳුනා ගන්නා පහසුවෙන් භාවිතා කළ හැකි පරීක්ෂණයක් නිපදවා ඇත.

මෙම පරීක්ෂණය තවමත් ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරිය විසින් අනුමත කර නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now