Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කොරෝනා සීමා ලිහිල් වද්දී ගතවූ පැය 24 තුල ආසාදිතයින් සිව් දෙනෙක්
- මෙල්බර්න්හි කොරෝනා ආසාදිත බවට සැක කල දෙදෙනෙකුට කොරෝනා නොමැති බව හෙළි වේ
- මෙල්බර්න් වැසියන්ට මුල්‍යාධාර ලබාදීමට මොරිසන් රජය පසුගාමී බවට විපක්ෂයෙන් චෝදනා
- මෙල්බර්න් හි නව නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටු වීමේ කටයුතු ඇරඹේ
- කොරෝනා අවදානමක් නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන්
- ලංකාවේ කොරෝනා අර්බුද අතරේ හෙද වර්ජනයක්
- ලංකා මුහුදේ ගිනිබත් වූ X-press Pearl නෞකාවෙන් වන පරිසරය හානිය අවම කිරීමට පියවර රැසක්
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කොරෝනා සීමා ලිහිල් වද්දී ගතවූ පැය 24 තුල ආසාදිතයින් සිව් දෙනෙක්
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 49,439 ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අද (04/06) අලුතින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබේ. ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා වැඩිවී තිබේ.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්ට පවතින කොරෝනා සීමා අද උදෑසන සිට ලිහිල් කොට ඇති අතර ඒ අනුව ඕනෑම හේතුවක් සඳහා එම ප්‍රදේශයන්හි පුද්ගලයින් හට සිය නිවසින් බැහැරට යාමේ අවසරය හිමි වේ.
මෙල්බර්න් ප්‍රදේශය Lockdown තත්වයේ පැවතියද 11 සහ 12 යන වසර වල සිසුන් හට පාසල් වෙත යාමට හැකියාව පවතින අතර මෙල්බර්න් හි පුද්ගලයින් හට යාමට හැකි දුරද කිලෝ මීටර 10 දක්වා පුළුල් කොට තිබේ.
අද සිට සුපිරි වෙළඳසල් කැෆේ ඇතුළු ස්ථාන සඳහා යන පුද්ගලයින් QR කේත ඔස්සේ ලියාපදිංචි වීමද අනිවාර්ය වේ. වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ මෙලෙස QR කේත ඔස්සේ ලියාපදිංචි කිරීමෙට අපොහොසත් වන ව්‍යාපාර සඳහා ඩොලර් 1600 ක දඩ මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත නිලධාරීන් සහ ආරක්ෂක අංශ යොදවා ඇති බවද ඔහු සඳහන් කොට සිටී.
මෙල්බර්න්හි කොරෝනා ආසාදිත බවට සැක කල දෙදෙනෙකුට කොරෝනා නොමැති බව හෙළි වේ
සිදු කල පරීක්ෂණ ඔස්සේ මෙල්බර්න් හි කොරෝනා පොකුරට සම්බන්ද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සඳහන් කල පුද්ගලයින් දෙදෙනකු හට එම වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කොට සිටි.
පසුගියදා Display home එකකදී සහ Brighton Beach හෝටලයේදී මෙමෙ පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සඳහන් කලද , එයේ අතපසුවීමක් වන අතර පසුව සිදු කල සමාලෝචනයකින් පසු මෙම තීරණයට එළඹී බව එම සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මේ හේතුවෙන් එම පුද්ගලයින් දෙදෙනා මේ වනවිට කොරෝනා අසාදිත පුද්ගලයින් ලෙස ගණනය නොකෙරේ
මෙල්බර්න් වැසියන්ට මුල්‍යාධාර ලබාදීමට මොරිසන් රජය පසුගාමී බවට විපක්ෂයෙන් චෝදනා
දෙසතියක කාලයක් පුරා Lockdown තත්වයට මුහුණ දෙන වික්ටෝරියානු වැසියන් හට මුල්‍ය ආධාර ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගාමී බවට විපක්ෂය චෝදනා එල්ල කරයි.
එම ප්‍රාන්තයේ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගත් සහ සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා පමණක් මුල්‍යාධාර ලබාදීමට මධ්‍යම රජය කටයුතු කරන අතර ඒ අනුව සතියකට පැය 20ට වඩා වැඩි කාලයක් රැකියාවේ නිරත වයස අවුරුදු 17ට වඩා වැඩි පිරිස සඳහා ඩොලර් 500ක් සහ සතියකට පැය 20ට වඩා අඩු කාලයක් රැකියාවේ නිරත පිරිස සඳහා ඩොලර් 325ක් ලබා දේ.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂ නියෝජ්‍ය නායක Richard Marles සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියා රජයේ එන්නත් කරන වැඩසටහනේ සහ නිරෝධායන වැඩසටහනේ අඩුපාඩු පැවතීමේ ප්‍රතිපලයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්ත Lockdown කිරීමට සිදු වූ බවයි. එමෙන්ම මෙලෙස දැඩි පීඩනයක පත්ව සිටින වික්ටෝරියානු වැසියන් සඳහා හැකි සෑම සහායක්ම කම්කරු පක්ෂය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටී.
එළඹෙන ජුනි මස 7 වැනිදා සිට COVID-19 සඳහා වන තාවකාලික ආපදා ගෙවීම නොහොත් Temporary COVID Disaster Payment සඳහා Centrelink හරහා ඉල්ලුම් කළ හැකියාව පවතී. නමුත් ඩොලර් 10,000ට වඩා වත්කමක් පවතින පිරිස හට සහ මේ වනවිට වසංගතය හේතුවෙන් වන දීමනාවක් ලබන පිරිස හට මෙම දීමනාව සඳහා ඉල්ලුම් කිරීමට හැකියාවක් නොපවතී.
මෙල්බර්න් හි නව නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටු වීමේ කටයුතු ඇරඹේ
වික්ටෝරියා ප්‍රාන්තය පුරා හෝටල් නිරෝධායන පහසුකම් පැවතියද, මේ වනවිට අත්‍යවශ්‍ය කරුණක් වන මෙල්බර්න් හි නව නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටු වීමේ කටයුතු වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒකාබද්ධව අරඹා තිබේ. මේ සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන පිලිබඳ එකඟතාවයකට දෙපාර්ශවයම මේ වනවිට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙමෙ නව නිරෝධායන මධ්‍යස්ථානය ස්ථාපිත කරන ප්‍රදේශය සඳහා Mickleham site සහ Avalon ගුවන්තොටුපල යන ප්‍රදේශ වික්ටෝරියානු ප්‍රාන්ත රජය යෝජනා කොට ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයකට එළඹ නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිබරල් පක්ෂ සාමාජික Tim Wilson , ABC මාධ්‍ය වෙත සඳහන් කොට ඇත්තේ මෙම නව නිරෝධායන මධ්‍යස්ථානය, ප්‍රාන්තයේ ගුවන්තොටුපල සහ රෝහල් වෙත සමීපව ඉදි කලයුතු අතර ඒ සඳහා Avalon ගුවන්තොටුපල ප්‍රදේශය සුදුසුම ස්ථානය වන බවයි.
කොරෝනා අවදානමක් නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන්
කොරෝනා වෛරසය අසාදිත බවට සැක කෙරෙන වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණි එකම පවුලේ සාමාජිකයින් පිරිසක් නිව් සවුත් වේල්ස් දකුණු ප්‍රදේශයේ සංචාරය කොට ඇති බවට හඳුනාගැනීමන් පසු ඔවුන් ගමන් ගත් ස්ථාන වල පුද්ගලයින් 500 කට අධික පිරිසක් සම්බන්ධ කරගත් බව එම ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි.
ප්‍රාන්තය තුල පරීක්ෂණ 18,000 කට වැඩි ගණනක් සිදු කොට ඇති නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා අසදිතයකු හඳුනාගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් Health හි වෛද්‍ය Jeremy McAnulty සඳහන් කොට සිටින්නේ ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ Goulburn සහ Riverine යන ප්‍රදේශ වල කොරෝනා වෛරස පරීක්ෂා කරන මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි. එමෙන්ම පසුගිය මස 19 වනදායින් පසු Jervis Bay, Vincentia, Huskisson, Hyams Beach සහ Goulburn යන ප්‍රදේශ වෙත ගිය පුද්ගලයින් රෝගලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඔහු සඳහන් කොට සිටී
ලංකාවේ කොරෝනා අර්බුද අතරේ හෙද වර්ජනයක්
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයින් 3264 දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංක්‍යාව 195,811ක් දක්වා ඉහල ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 42ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 1,608 දක්වා ඉහල ගොස් තිබේ.
පවතින තත්වය හමුවේද මාර්ගයන් හි රථවාහන විශාල ලෙස දක්නට ලැබෙන අතර මේ ආකාරයේ වූ සංචරණ තත්වයද අවම කලයුතු බව ශ්‍රී ලංකා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කොට සිටී.
මේ අතර ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තියේදී සේවය කිරීමේදී මුහුණ දීමට වන ගැටළු සම්බන්ධයෙන් ඇතුළු ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සහ වුර්තීය සමිති කිහිපයක් ඊයේ දිනයේදී පැය 4ක සංකේත වැඩ වර්ජනයක් සිදු කොට තිබේ.
ලංකා මුහුදේ ගිනිබත් වූ X-press Pearl නෞකාවෙන් වන පරිසරය හානිය අවම කිරීමට පියවර රැසක්
කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5 ක් දුරින් ශ්‍රී ලංකා මුහුදේදී පසුගියදා ගිනි ගැනීමට ලක්වූ X-press Pearl නෞකාව මුහුදුබත් වෙමින් පැවතීම හේතුවෙන් ඒ අවට මුහුදේ ආරක්ෂාව සඳහා දැඩි තර්ජන මතුව තිබේ.
මේ හේතුවෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්චාවක් ඊයේ වරාය අමාත්‍යංශයේදී පවත්වා තිබේ. ඒ අනුව මුහුදුබත් වෙමින් පවතින මෙමෙ නෞකාවෙන් වන පරිසර හානිය අවම කිරීම සඳහා ගතයුතු පියවර රැසක් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර සඳහන් කරයි.

