SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ තාවකාලික සේවක වීසා ලබා ගැනීම කම්කරු පක්ෂ රජයක් යටතේ තවත් අසීරු කරන බව හෙළිවේ.

Australian Visa
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවේ තාවකාලික සේවක වීසා ලබා ගැනීම තවත් අසීරු කරන බව කම්කරු පක්ෂය ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩය අහෝසි කර අසීරු ඉංග්‍රීසි පරීක්ෂණයක් සහිතව නව තාවකාලික වීසා ඛාණ්ඩ 2ක් ඔස්ට්‍රේලියානු රජය මගින් හඳුන්වා දීමට ප්‍රතිචාරයක් ලෙස කම්කරු පක්ෂය මෙසේ පවසා තිබේ.

කම්කරු පක්ෂ රජයක් යටතේ තාවකලික සේවක වීසා ගාස්තු දෙගුණ කරන බවද විපක්ෂ නායක බිල් ශෝටන් පැවසීය.

ඔස්ට්‍රේලියානු සමාගම් දේශීය ශ්‍රමිකයින් නොසළකා විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා සේවයේ පිහිටුවීමට අවසර දුනහොත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා තමන් සහය නොදක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now