SKIP TO MAIN CONTENT

තමන් එක්සත් රාජධානි පුරවැසියෙකු නොවන බවට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට සාක්ෂි සපයයි.

Labor leader Bill Shorten produces proof he renounced UK citizenship
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තමන් එක්සත් රාජධානියේ පුරවැසියෙකු වී සිටිය නමුත් එය 2007 වසරේ පැවති මැතිවරණයට පෙර අහෝසි කරගත් බවට සාක්ෂි ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන් අද ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් විසින් බිල් ශෝටන් හට එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි බවට චෝදනා කරමින් පැවතුණු අතර එසේ නොමැතිනම් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරන ලෙස පවසා තිබුණි.

මේ අනුව එක්සත් රාජධානි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තමන්ගේ එක්සත් රාජධානි පුරවසිභාවය අහෝසි කළ නිල ලිපිය ඔහු පාර්ලිමේන්තුවේ සභාගත කරමින් එය ඔප්පු කර පෙන්වීය.

නමුත් මෙවැනි කරුණකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මෙවැනි සාක්ෂි පෙන්වීම සඳහා බල නොකළ යුතු බවටද ඔහු අනතුරු ඇඟවීමක් ඒ සමග සිදු කළේය.

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව සඳහන් වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now