Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Northern Territory මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන්

Amharic News 23 August, 2020
NT Chief Minister Michael Gunner arrives with wife Kristy O'Brien to Labor's election headquarters in Darwin, Saturday, August 22 Source: AAP

පසුගිය සෙනසුරාදා (22/08) පැවති Northern Territory මැතිවරණයෙන් මේ වන විට කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

Northern Territory පාර්ලිමේන්තුවේ ආසන 25 න් මේ වන විට කම්කරු පක්ෂය ආසන 11 ක් දිනා ඇති අතර Country Liberal පක්ෂය මේ වන විට ආසන 3ක් දිනාගෙන තිබේ.

එමෙන්ම ස්වාධීන කණ්ඩායම් තවත් ආසන 2ක් දිනා ඇත.

ඒ අනුව තවත් ආසන 9 ක තීන්දුව පැමිණීමට නියමිත අතර ප්‍රධාන අමාත්‍ය Michael Gunner ප්‍රමුඛ කම්කරු පක්ෂයට නැවතත් Northern Territory පාර්ලිමේන්තුවේ බලය අත්කරගැනීම සඳහා බහුතර බලය ලබා ගැනීමට තවත් අවම වශයෙන් තවත් ආසන 2ක් හෝ ජයග්‍රහණය කළ යුතුවේ.

නමුත් මේ වන විට ඇති තත්ත්වය අනුව එය බොහෝ දුරට අපහසු වනු ඇතැයි වාර්තා වේ.

අද පස්වරුව වන විට Northern Territory මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now