SKIP TO MAIN CONTENT

කම්කරු පක්ෂයේ 'Australians First' වීඩියෝ දැන්වීමට දැඩි විවේචන. බිල් ශෝර්ටන් වරද පිළිගනී.

Labor’s 'Australians First' ad
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු රැකියා ක්ෂේත්‍රයේ ඕස්ට්‍රේලියානුවන් හට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට අරමුණු කරගනිමින් නිර්මාණය වූ කම්කරු පක්ෂයේ නවතම වීඩියෝ දැන්වීම ඔස්ට්‍රේලියානු මධ්‍යම සෙනට් සභික Derryn Hinch  විසින් හෙළා දැක තිබේ.

එම වීඩියෝවේදී සුදු මිනිසුන් කණ්ඩායමක් අසළ විපක්ෂ නායක Bill Shorten හිඳිමින් ඔස්ට්‍රේලියනුවන් හට මෙරට රැකියා වෙළෙඳ පොළේ ප්‍රමුඛත්ව්ය ලැබිය යුතු බවට පවසයි.

මෙහි මූලික අරමුණ ඔස්ට්‍රේලියානු රැකියා වීසා පිළිබඳ මධ්‍යම රජයේ තීරණ විවේචනය කිරීමක් බව ද වාර්තා වේ.

මෙම දැන්වීම නිර්මාණය නොකළ යුතු එකක් හා දර්ශනය නොකල යුතු එකක් බවට කම්කරු පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රී  Anthony Albanese පැවසුවේය.

කෙසේවෙතත්, මෙහි අරමුණ ඉතා අපැහැදිලි බව මධ්‍යම සෙනට් සභික Derryn Hinch  පවසයි.

මේ අතර කම්කරු පක්ෂයේ නවතම දැන්වීමේ ඔස්ට්‍රේලියාවේ ජන විවිධත්වය නිරූපණය නොවන බව තමන් පිළිගන්නා බව විපක්ෂ නායක Bill Shorten  පවසයි.

මෙවැනි දැන්වීම් පිළිබඳ මින් පසුව කම්කරු පක්ෂය වැඩි සැලකිල්ලක් දක්වන බවටද ඔහු පොරොන්දු වී ඇත.

කම්කරු පක්ෂයේ මෙම දැන්වීම සඳහා ග්‍රීන්ස් පක්ෂයද තම විරෝධය එල්ල කර තිබේ.

ඔස්ට්‍රේලියාව ඉහළ තලයකට ඔසවා තැබීමට ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් විශාල මෙහෙවරක් සිදු කළ බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson-Young පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now