SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත කඳවුරුවල වෙසෙන සරණාගතයින් ගැන තීන්දු ගැනීමේ අයිතිය වෛද්‍යවරුනට දීම ගැන කම්කරු පක්ෂය විරුද්ධ වෙයි.

Deputy Labor leader Tanya Plibersek
Deputy Labor leader Tanya Plibersek

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාවෙන් පිටත භුමියේ පවත්වාගෙන යනු ලබන සරණාගත කඳවුරු වල වෙසෙන අසාද්‍ය රෝගී තත්වයෙන් පසුවන සරණාගතයින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට රැගෙන ඒමේ අවසන් තීරණය ගැනීමේ බලය වෛද්‍ය වරුනට පැවරීම නුසුදුසු තීරණයක් බව මධ්‍යම රජයේ කම්කරු පක්ෂ නියෝජ්‍ය නායිකා ටාන්යා ප්ලිබසෙක් පවසයි. ස්වාධින මන්ත්‍රිනී Kerryn Phelps මඟින් ඉදිරිපත්කරනු ලබා ඇති 'නාවුරු පනත' මඟින් මෙලෙස අසාධ්‍ය රෝගීන් මෙරටට රැගෙන ඒමට යෝජනා කොට ඇති අතර ඒ සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය අවසාන තීරණය ලෙසට දන්වා ඇත.

මෙම අවසාන තීරණය ගත යුත්තේ ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා බවද, යෝජිත පනත එසේ වෙනස් කරනු ලැබුවහොත් පමණක් කම්කරු පක්ෂය ඊට සහයෝගය දෙන බවද කම්කරු පක්ෂ නියෝජ්‍ය නායිකා ටාන්යා ප්ලිබසෙක් පවසා සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now