SKIP TO MAIN CONTENT

සනත් ගේ පුටුව ලැබ්රෝයි ට.

Labrooy to be appointed SLC chief selector.
Source: Daily Mirror

2 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉකුත් සැප්තැම්බර් 07 වන දින ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩුව තිබූ  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ධුරයට ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන්නකු වූ ග්‍රැහැම් ලැබ්රෝයී මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (15/09) පැවැති ක්‍රිකට් වැඩමුළුව අවසානයේදී බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදීම පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ලැබ්රෝයි මහතා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, හිටපු නායක අරවින්ද ද සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහභාගි වී ඇත.

තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් ගාමිණී වික්‍රමසිංහ, අසංක ගුරුසිංහ සහ ජෙරී වවුටර්ස් යන මහත්වරුන් පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.

තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම මේ වන විට අර්බුදයක්ව ඇති බැවින් මෙසේ හැකි විගස නව තේරීම් කමිටුව පත් කිරීමට පියවර ගෙන තිබේ.

ග්‍රැහැම් ලැබ්රෝයි 1986 සිට 1992 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 9 කදී කඩුලු 27 ක් දවාගෙන ඇති අතර එක්දින තරග 44 කදී කඩුලු 45 ක් දවාගැනීමට සමත්වී ඇත.

2012 සිට 2017 මාර්තු මාසය දක්වා එක්දින 29 කදි සහ විස්සයි20 තරග 32 කදී ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරක වරයකු ලෙසද ලැබ්රෝයී මහතා කටයුතු කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now