SKIP TO MAIN CONTENT

මහේල, ලැන්කෂයර් පිළට.

Sri Lanka Cricket
Source: Cricbuzz

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මෙම වසරේ එංගලන්තයේ පැවත්වෙන NATWEST 20-20 තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන මෙම 20-20 තරගාවලිය NatWest T20 Blast ලෙස හැඳින් වේ.

39 හැවිරිදි වියෙහි පසුවන මහේල ජයවර්ධන 2015 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් පසුව ලොව පුරා විවිධ 20-20 තරගාවලි සඳහා සහභාගී වී ඇති අතර  NatWest T20 Blast  තරගාවලියේ පෙර වසර වල දී එංගලන්තයේ සසෙක්ස් සහ සමර්සෙට් කණ්ඩායම් වෙනුවෙන්ද ක්‍රීඩා කර තිබේ.

ටෙස්ට් තරග 149 කට ක්‍රීඩා කර ඇති මහේල ටෙස්ට් ලකුණු 12,000 කට ආසන්න ප්‍රමාණයක් රැස්කර ඇති අතර සීමිත ඕවර තරග වලදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 14,000 ඉක්මවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now