ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නොවැ 30 දා තරඟ ජයග්‍රහණ සටහන - Jaffna Stallions සහ Kandy Tuskers ජය ගනී

Lanka Premier League

Lanka Premier League 2020_ Kandy Tuskers_ Jaffna Viiking

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (නොවැ 30 ) පැවති තරඟවලින් ජයග්‍රහණ වාර්තාකිරීමට කැන්ඩි ටස්කර්ස් සහ ජැෆ්නා ස්ටැලියෝන්ස් කණ්ඩායම් සමත් විය.

ප.ව 3.30 ට ආරම්භවුනු තරඟය දඹුල්ල වයිකිංග් සහ ජැෆ්නා ස්ටලියෝන්ස් කණ්ඩායම් අතර පැවැත්වින.

එහිදී ජැෆ්නා ස්ටලියෝන්ස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුළු 7 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තේය.

ජැෆ්නා ස්ටලියෝන්ස් කණ්ඩායම වෙනුවෙන් ,

  • තිසර පෙරේරා පන්දු 43 කදී නොදැවී ලකුණු 97 යි.
  • චතුරංග ද සිල්වා පන්දු 24 කදී ලකුණු 29යි
  • සන්දීප් පටෙල් ඕවර 26 කට කඩුළු 2යි.

ඉන් අනතුරුව පිටියට පිවිසි දඹුල්ල වයිකිංග් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 1 කදී සියළු දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 152 ක් පමණි.

එහිදී,

  • සංදීප් පටෙල් ලකුණු 41 යි.
  • දසුන් ශානක ලකුණු 35 යි
  • උස්මාන් ශින්වාරි ලකුණු 16 ට කඩුළු 3 ක් ලබාගත්තේය.

මේ අනුව ජැෆ්නා ස්ටැලියෝන්ස් කණ්ඩායමට ලකුණු 66 ක ජයග්‍රහණයක් හිමිවිය.

ඉන් අනතුරුව රාත්‍රී 7.30 තරඟ වාරය සඳහා කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරඟ වැදින.

මුලින්ම පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කදුළු 5ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය.

කණ්ඩායම වෙනුවෙන්,

  • කුසල් මෙන්ඩිස් ලකුණු 49 යි.
  • Brandan Taylor නොදැවී ලකුණු 51 යි
  • ලක්ෂාන් සඳකැන් ලකුණු 41 ට කඩුළු 2ක් ලබාගත්තේය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුළු 7 ක් දැවී ලකුණු 171 ක් පමණි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 82යි.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලකුණු 25 ක ජයක් හිමිවිය.

------------------------------------------------------------------------------------

මීළඟ තරඟ අද - දෙසැම්බර් 1 දා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට සහ 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ප.ව. 3.30 - Colombo Kings සහ Dambulla Viikings

රාත්‍රී 7.30 - Jaffna Stallions සහ Kandy Tuskers

 

*****************************************************************************************************

SBS  සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් ආකාර මෙන්න

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

රූපවාහිනියෙන් channel 38

අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese

SBS Radio APP නොමිලේ Download කරගන්න

 


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now