SKIP TO MAIN CONTENT

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විනිසුරුවරුන් සහ තරඟ තීරකවරුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

lpl-t20.com
Source: lpl-t20.com

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

මේ අනුව තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර තරග රැසක අත්දැකීම් ඇති රංජන් මඩුගල්ල මහතා 1999, 2003,2015 සහ 2019 වසරවල එක්දින ලෝක කුසලාන තරගාවලියන්හි අවසන් මහා තරග රැසක තරග තීරකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි සහ මනෝජ් මෙන්ඩිස් ද මෙවර තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇත.

මේ අතර 2012 සහ 2018 වසරවල හොඳම ජාත්‍යන්තර තරග විනිසුරුවරයා ලෙස ICC සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර් ධර්මසේන සහ තවත් විනිසුරුවරුන් 10 දෙනෙකු ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රඹුක්වැල්ල සහ ලින්ඩන් හැනිබල් ද විනිසුරුවරුන් ලෙස මෙම තරගාවලියට එක් වේ.

මේ අතර ලසිත් මාලිංග LPL තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා පාකිස්තාන ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී පත් කොට ඇති අතර , අබාධයක් හේතුවෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමෙන් ඉවත් වු ක්‍රිස් ගේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේටර් එම කණ්ඩායමට නම් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now