Lankan Premier League තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 01 වන දින පැවැත්වීමට තීරණය කෙරේ

Lanka Premier League Player Auction to Take Place on October 1

Lanka Premier League Player Auction to Take Place on October 1 Source: Getty Images

Lankan Premier League හෙවත් LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ඔක්තෝබර් 01 වන දින පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 150 ක් පමණ ඉදිරිපත් කෙරෙනු ඇත.

නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට නියමිත LPL තරගාවලිය තරග 23 කින් සමන්විතය.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය නමින් කණ්ඩායම් 5 ක් මේ සඳහා තරග වදින අතර ඒ සියලු තරග දඹුල්ල, මහනුවර සහ හම්බන්තොට පැවැත්වීමට තීරණය කර ඇත.

Chris Gayle, Darren Sammy, Darren Bravo, Shahid Afridi සහ Shakib Al Hasan ඇතුළු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකු පමණ මේ සඳහා සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණක් මිලදී ගත හැකි බවත් අදාළ කණ්ඩායම් පහේ විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකුත් දේශීය ක්‍රීඩකයින් 65 දෙනෙකුත් පමණක් සිටිය යුතු බවත් සඳහන්.


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now