යුධ සමයේ හමුදාව යටතේ තිබු ඉඩම් සියල්ල වසර 2018 වන විට නැවත ජනතාවට ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර UNHRC හිදී පවසයි - වාර්තා / SBS සිංහල

වසර 30 ක යුධ කාලය තුල ශ්‍රී ලංකා හමුදාව පවරා ගෙන තිබු සාමානය ජන ඉඩම් සියල්ල වසර 2018 වන විට නිදහස් කරන බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා 29 වැනිදා ජිනීවා හි රැස් වූ 32 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය.

Mangala Samaraweera

Source: UNHCR

වසර 30 ක යුධ කාලය තුල ශ්‍රී ලංකා හමුදාව පවරා ගෙන  තිබු සාමානය ජන ඉඩම් සියල්ල වසර 2018 වන විට නිදහස් කරන බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා 29 වැනිදා ජිනීවා හි රැස් වූ 32 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරය අමතමින්  ප්‍රකාශ කළේය. ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ පසුගිය සතියේදී හමුදාව විසින් අක්කර 701 ක ඉඩම් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දුන් බවත් ඉන් අක්කර 201.3ක් 25 වැනිදා එම ඉඩම් වල මුල් හිමිකරුවන්ට ලබා දුන් බවයි. රජය විසින් හමුදාවට උපදෙස් දී ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වසර 2018 වන තුරු භාර දිය යුතු අතර ජාතික සංවර්ධන කටයුතු සඳහා ඉදිකිරීම් සිදු වන එම ඉඩම් සඳහා සම්පුර්න වන්දි ගෙවීම් සිදු කල යුතු බවයි.

දැනට තිබෙන සංඛ්‍යාලේඛන අනුව වසර 2015 ජනවාරි සිට හමුදාව විසින් පවරා ගෙන සිටි අක්කර 12000ක පමණ භූමියෙන් අක්කර 4000ක් පමණ නිදහස් කර ඇත.

Image

අධිකරණ යාන්ත්‍රනය

යුධ අපරාද පිළිබඳව චෝදනා සඳහා අධිකරණ යාන්ත්‍රනය සඳහා විදේශීය විනිසුරුවන් යොදා ගැනීම පිලිබඳ ආන්දෝලනාත්මක කරුණ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ විශේෂයෙන් විපතට පත් වුවන්ගේ විශ්වාසය ඇති කරන අයුරින් එම යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන බවයි. ජාත්‍යන්තර සහභාගීත්වය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත්, මීට පෙරද ජාත්‍යන්තර විමර්ශකයන් හා අධිකරණ වෙඉද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාව සමග කටයුතු කර තිබෙන බවත් ජාත්‍යන්තර සහභාගීත්වය පිලිබඳ විවිද මට්ටමේ අදහස් පල වී ඇති බවත් පැවසු අමාත්යවරයා එම ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයක් අඟවන බවද ඔහු පැවසීය. එසේම එවන් අදහස්  හමුවේ අවසන් යාන්ත්‍රනය සියලු පාර්ශ්වයන්, විශේෂයෙන්ම විපතට පත් වුවන්ගේ විශ්වාසය ඇති වන සාධාරණ එකක් වන බවට පොරොන්දු විය හැකි බවයි.

සංක්‍රාන්ති සමය තුල සාධාරණත්වය

 සංක්‍රාන්ති සමය තුල සාධාරණත්වය  පිලිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ බලාපොරොත්තු වන ඉලක්ක කරා ලඟා වීමට ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණ පිළිවෙලටත්, සමොධානිතවත් සම්බන්ධීකරණය කල යුතු බවයි. මෙසේ අනුපිළිවෙලින් යාන්ත්‍රණ ක්රියාත්මක කිරීම නිසා එය කල් ගත කිරීමේ උපක්‍රමයක් ලෙස හෝ එම කොටස ඉවත් කිරීමේ  උපක්‍රමයක් සමහරුන් පැවසුවද එය වැරදි බවත්, දැනටමත් සංහිඳියාව අතිලිරීමේ ලේඛම් කාර්යාලය විසින් අවශ්‍ය පුහුණු හා ශක්‍යතා පිලිබඳ විශේෂඥය  උපදෙස් ගනිමින් සිටින බවද ඔහු පැවසීය. විමර්ශන ක්‍රම, අධිකරණ වෙඉද්‍ය විද්‍යාත්මක දැනුම, අභිචෝදනා ආදී දැනුම යාන්ත්‍රනය ක්‍රියාත්මක වීමේදී යොදා ගන්නා බවත් ඔහු පැවසීය.

ප්‍රවේශමෙන් සංවේදීව කටයුතු කිරීම

ජනවාර්ගික සංහිඳියාව පිලිබඳ ශ්‍රී ලංකා රජයේ සැලැස්ම හදිසි සේම ප්‍රවේශමෙන් කල යුතු බවත් ඒ  

අනුව දීර්ඝ කාලීනව වැරදි සිදු වීම වලක්වා ගත හැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ. ඔහු පැවසුවේ අතීතයේ රෝම වරු පැවසු පරිදි festina lente යනුවෙන් හඳුන්වන සෙමින් ඉක්මන් සාර්ථකත්වයක් ලඟා කර ගැනීමේ පිළිවෙත ක්‍රියාත්මක කරන බවයි. වසර 2015 සිට තැබූ පියවර කුඩා ලෙස සමහරුන්ට පෙනුනත් එය අපට දැවැන්ත පියවර වූ බව ඔහු පවසනවා.

අප ඕනවට වඩා ධනාමත්මක බවට සමහරුන් චෝදනා කරනවා. ඔව් අපි ධනාත්මක නොවී අපට අරමුණු ලඟා කර ගන්න බැහැ. වැදගත් වන්නේ අපේ බලාපොරොත්තු මායාවක් නොවීමයි. සැබෑ ප්‍රතිපල කරා රජය ලබා ගන්න දැනුම අනුව පුර්ණ උපයමාර්ගයක් පිළිවෙලට ක්‍රියාත්මක කල හැකි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ඉවසීමෙන් කටයුතු කල යුතුයි

සංහිඳියාව එක රැයින් සිදු වන්නේ නැහැ. එයට කැපවීම හා උත්සාහය , එක දිගට සුපරීක්ෂාකාරීව ස්ථාවර ලෙස ක්‍රියා කල යුතුයි. එය කොටුවකට හරි ලකුණ යොදා අවසානයක් දැකිය හැකි නොවේ. මන්ද මෙම කැපවීම අපේ රටේ ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් , එය අසාර්ථක වුව හොත් තවත් තිස් වසරක් ලේ හැලීමට සිදුවීම් වැළක්විය යුතු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

 


3 min read

Published

Updated

By Charitha Adikari

Source: Indian Express



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now