SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 59 දක්වා ඉහළට. 500 කට ආසන්න පිරිසක් තුවාල ලබයි.

Las Vegas shooting
Source: getty Iamges

2 min read

Published

Updated

Source: SBS News



Skip to article content

Updated at 11:00 ADST on 03/10/2017

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ඉරිදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 59 දක්වා ඉහළ නැග ඇති බවත් තුවාල ලැබූ පිරිස 500 ක් පමණ වන බවත් මේ වන විට පළවන නවතම වාර්තා දන්වයි.

ලාස් වේගාස් නුවර ඉරිදා රාත්‍රියේ පැවැත්වෙමින් තිබූ Harvest festival නමැති උත්සවයක් වෙතට ඒ අසල පිහිටි Mandalay Bay Resort and Casino නමැති හෝටලයේ 32 වන මහලේ පිහිටි කාමරයක් තුළ සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව  ලාස් වේගාස් පොලීසිය පවසයි.

අදාළ වෙඩික්කරු එම ප්‍රදේශයේම වාසය කළ 64 හැවිරිදි  Stephen Paddock නැමැත්තෙකු බවට තොරතුරු ලැබී තිබේ.

සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔහු සිටි හෝටල් කාමරයයේ දොර කඩා කාමරයට ඇතුල්වන විටත් ඔහු විසින්ම ඔහුගේ ජීවිතය නැතිකරගෙන තිබු බවද වාර්තා වේ.

පසුගිය සියවසක කාලය තුළදී  ඇමෙරිකාවේ සිදුවූ කෲරතම වෙඩි තැබීමේ සිදුවීම මෙය බවද වාර්තා වේ.

මේ අතර  මෙම සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත් ජීවිතක්ෂයට පත්වූවන් හට තම සංවේගය පළ කරන අතර තුවාල ලැබුවන් හට ඉක්මන් සුවය පතන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම සිද්ධියෙන් මිය ගිය පිරිස වෙනුවෙන් ගෞරව දැක්වීමක් වශෙයන් ධවල මන්දිරය ඉදිරිපිට විනාඩියක නිශ්ෂබ්දතාවක් ද පවත්වා ඇත.

අදාළ වෙඩික්කරු මෙම ඝාතනය සිදු කර ඇත්තේ තනිවම බවත් ඊට කිසිදු සන්නද්ධ කල්ලියක සම්බන්ධයක් නොමැති බවත් නෙවාඩා කලාපයේ ෂෙරීෆ් Joseph Lombardo පැවසීය.

මේ අතර හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ලාස් වේගාස් නුවර වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය පිරිස වෙනුවෙන් තම සංවේගය පළ කරන අතරේ ඇමෙරිකාවේ ජාතික රයිෆල් සංගමය විවේචනය කර තිබේ.

මෙහිදී දුක් වීම ප්‍රමණවත් නොවන බවත් ජාතික වශයෙන් ගිනි අවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට දේශපාලන නායකයින් පෙරට ආ යුතු බවත් හිලරි ක්ලින්ටන් ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර ඇත.

Updated at 00:00 ADST on 03/10/2017

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ඉරිදා රාත්‍රියේ (01/10)සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 50 දක්වා ඉහළ නැග ඇති බවත් තුවාල ලැබූ පිරිස 200 කට වැඩි බවත් මේ වන විට පළවන නවතම වාර්තා දන්වයි.

මීට පෙර වාර්තා වුයේ සිද්ධියෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර අවම වශයෙන් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

අදාළ වෙඩික්කරු එම ප්‍රදේශයේම වැසියෙකු බවට හඳුනාගෙන ඇති අතර පොලිස් වෙඩි පහරින් ඔහු මිය ගොස් ඇති බව සනාථ කෙරිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now