SKIP TO MAIN CONTENT

පන්තියේ ළමයි වැඩ කරන්නේ නැත්නම් මොනිටර්ව මාරු කරලා හරියන්නේ නැහැනේ - ලසිත් මාලිංග

Lasith Malinga 'ready to quit' as Sri Lanka T20 Captain
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ පරාජයන්ට හේතුව තමන්ගේ නායකත්වය නම්, නායකත්වයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති 20-20 තරගාවලිය 2-0 ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ (11/01) ශ්‍රී ලංකා පිළ යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ලසිත් මාලිංග මේ බව මාධ්‍ය හමුවේ පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20-20 තරග තුනක් පැවති අතර පළමු 20-20 තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට තීරණය කෙරිණි.

නමුත් 2 වන සහ 3 වන තරග ද්විත්වයම ඉන්දියාව පහසුවෙන් ජයගත්තේ ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රිකට් විලාසය නැවත ඉසමතු කරමිනි.

තමන් නායකත්වය බාරගත්තේ ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම 20-20 ICC ශ්‍රේණිගත කිරීම් වල 9 වන ස්ථානයේ පසුවන විට බවත් ශ්‍රී ලංකා 20-20 පිළේ දුර්වලතා තවමත් එලෙසින්ම පවතින බවත් ලසිත් මාලිංග එහිදී පැවසීය.

පන්තියේ ළමයි නිසි පරිදි වැඩ නොකරන විට පන්ති නායකයා මාරු කිරීමෙන් පළක් නොවන බවත් එසේ නායකයා මාරු කිරීමෙන් මෙයට පිළියමක් ලැබේනම් තමන් ඒ සඳහා කැමති බවත් ලසිත් මාලිංග වැඩි දුරටත් එහිදී පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now