වික්ටෝරියා ප්‍රාන්තයේ covid 19 මරමස්ථාන ලෙස නම් කල postcode වල කොරෝනා ආසාධන සැලකිය යුතු ලෙසින් අඩු වේ (SBS සිංහල / වාර්තා)

d

Source: ABC Australia

මෙල්බන් නුවර 3029 postcode එක තුල තවමත් කොරෝන ආසාධන වැඩිම සංඛ්‍යාවක් ඇති බවට වාර්තා වේ. දැනට සති 4ක් තිස්සේ එම ප්‍රදේශයේ  සක්‍රීය ආසාධන වැඩිම අගයක් වාර්තා විය. මෙම 3029 postcode තුල අයත් වන්නේ Tarneit, Hoppers Crossing හා Truganina යන උපනගරයි . මෙම ප්‍රදේශයේ මේ සතියේ ආසාධන 278ක් වාර්තා වූ අතර එය පසුගිය සතියේ වාර්තා වූ ආසාධන 463 ට වඩා ආසාධන 185ක අඩු වීමකි.

ප්‍රාන්තයේ කොරෝනා ආසාධන රැගත් සිතියම පහතින් දැක්වේ.

s
Source: ABC Australia

ආසාධන 100 ට වැඩි postcode 9 ක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ  දෙවනියට වැඩිම ආසාධන හමුවී ඇත්තේ postcode අංක 3030 යටතේ වන Werribee හා Point Cook යන උප නගර දෙක තුල. මෙම ප්‍රදේශ වල ආසාධන සංඛ්‍යාව අංක 3029 ප්‍රදේශයට වඩා 68කින් අඩු වන අතර මෙ සතියේ ආසාධන 210 ක් ද පසුගිය සතියේ ආසාධන 331ක් ද වාර්තා වී තිබේ.

පසුගිය සතියේ ආසාධන 100කට වැඩි postcode 16ක් තිබුනද මේ වන විට ආසාධන 100ට වැඩි postcode 10ක් පමණක් වේ. තුන්වැනියට ආසාධන ඇති 3064 postcode එක තුලට අයත් වන්නේ Craigieburn, Donnybrook, Kalkallo, Mickleham හා  Roxburgh Park යන ප්‍රදේශයි. මෙම ප්‍රදේශයේ මේ සතියේ ආසාධන 163ක් වාර්තා වූ අතර එය පසුගිය සතියේ වාර්තා වූ ආසාධන වලට  වඩා ආසාධන 133ක අඩු වීමකි.

  3037 postcode එක තුලට අයත් වන්නේ Sydenham, Delahey, Taylors Hill හා  Calder Park. මෙම ප්‍රදේශයේ මේ සතියේ ආසාධන 138ක් වාර්තා වූ අතර එය පසුගිය සතියේ වාර්තා වූ ආසාධන වලට  වඩා ආසාධන 181ක අඩු වීමකි.

 3020 postcode එක තුලට අයත් වන්නේ Albion, Sunshine හා  Sunshine West. මෙම ප්‍රදේශයේ මේ සතියේ ආසාධන 136ක් වාර්තා වූ අතර එය පසුගිය සතියේ වාර්තා වූ ආසාධන වලට  වඩා ආසාධන 84ක අඩු වීමකි. 3023 postcode එක තුලට අයත් වන්නේ Caroline Springs, Deer Park, Ravenhall, Cairnlea හා  Burnside යන ප්‍රදේශයි. මෙම ප්‍රදේශයේ මේ සතියේ ආසාධන 124 ක් වාර්තා වූ අතර එය පසුගිය සතියේ වාර්තා වූ ආසාධන 210ට   වඩා අඩු වීමකි.

එසේම  3021 postcode එක තුලට අයත් වන St Albans, Albanvale, Kealba හා  Kings Park හි ආසාධන 119 වාර්තා වන අතර එය පසුගිය සතියේ 304ක් විය.

නමුත් 3073 වන Reservoir අයත් වන ප්‍රදේශයේ ආසාධන එතරම් අඩු වී නොමැත . එහි මේ සතියේ ආසාධන 106ක් හා පසුගිය සතියේ  124ක් ලෙස වාර්තා විය.

නමුත් සමහර ප්‍රදේශ වල ආසාධන පොකුරු ඇති බැවින් එවන් ස්ථාන වල වැඩි ආසාධන වාර්තා විය හැකියි . 3076 හෙවත් Epping අයත් වන පෙදෙසේ  Epping Gardens හි වැඩිහිටි නිවාසය ආශ්‍රිතව ආසාධන රැසක් වාර්තා වූ අතර මේ සතියේ ආසාධන 102 ක් වාර්තා වූ අතර එය පසුගිය සතියේ වාර්තා වූයේ ආසාධන 160කි. මෙම postcode දත්ත මගින් ඔවුන් ආසාධනය වූ ස්ථානය නොව ඔවුන් ජීවත් වන ප්‍රදේශය වේ.

covid 19 පරීක්ෂාවට සහභාගී වීමේ අඩු වීම

පසුගිය සතියේ මෙම postcode දත්ත අනුව හෙළි වී ඇත්තේ covid 19 පරීක්ෂාවට සහභාගී වීමේ අඩු වීමක් ඇති බවයි. මේ වන විට පරීක්ෂා සදහා පැමිණෙන පුද්ගලයින් 17%කින් අඩු වී ඇති බව වාර්තා වේ. එය පරීක්ෂා 30000ක අඩු වීමකි. නමුත් ඊයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කලේ පරීක්ෂණ 20000ක් දක්වා දැන් නැවත වැඩි වී ඇති බවයි. එසේම ඔහු ඉල්ලා සිටියේ රෝග ලක්ෂණ ඇති සියලු දෙනා පරීක්ෂණයකට ලක් වීමෙන් stage 4 නීති රීති ඉවත් කල හැකි කාලය පිළිබද අදහස් ලබා ගනු හැකි වනු ඇති බව.

Source: ABC 


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service