Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සරණාගතයින්ට නිසි සෞඛ්‍ය පහසුකම් ලබා නොදෙන බවට ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව සරණාගතයින් ගොනු කල පෙත්සමෙන් රජය පරදී (SBS සිංහල / වාර්තා)

Peter Dutton

Source: AAP

ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත සරණාගතයින් රදවා තබා සිටින ජනයාට නියමාකාරයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව නීතිඥ වරුන් ගොනු කොට තිබු නඩුවකින් ශ්‍රේෂ්ටාධිකරණය විසින් අර්ධ ජයග්‍රහණයක් ලබා දී තිබේ.

නාවුරු හි රදවා සිටි සරණාගතයින් 4 දෙනෙකු ඔවුන්ට නිසි ලෙස සෞඛ්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණ .

මධ්‍යම රජය ඊට විරුද්ධව අභියාචනා කොට ඇත්තේ ෆෙඩරල් අධිකරණයට ඒ හා සම්බන්ධ තීන්දු ගැනීමට බලයක් නොමැති බවටයි. නමුත් අද දින ඉහල අධිකරණය විසින් තීන්දු කොට ඇත්තේ Migration Act නම් පනත යටතේ පහල අධිකරණ වලටත් එම බලය හිමි වන බවටයි.

මෙම තීන්දුව අනුව සරණාගත ජනයා 50 දෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති තවත් නඩු ප්‍රාන්ත අධිකරණ හා ෆෙඩරල් අධිකරණයේදී විමසීමට හැකි වේ.

National Justice Project විසින් ප්‍රකාශ කොට ඇත්තේ මෙය අමාත්‍ය Peter Dutton ට එරෙහි ජයග්‍රහණයක් වන බවයි.

National Justice Project හි නීතිඥ Anna Talbot පවසන්නේ මෙමගින් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටි සරණාගත ජනයාට ඒ සම්බන්ධයෙන් රජය විසින් වග වීම සම්බන්ධයෙන් මෙහිදී අවස්තාවක් ලැබී ඇති බවයි . රජය විසින් නාවුරු හා පැපුවා නිව් ගිනියාවට යොමු කිරීම නිසා ඇතිවූ හානි සදහා රජය වගකීම සම්බන්ධ ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් බවයි ඇය පවසන්නේ.

එසේම මෙසේ එම ජනයාගේ වසර 2ක කාලය අපතේ යැවීම කනගාටුදායක බවත් ඇය පවසයි. Talbot මහත්මිය පවසන්නේ මෙම කරුණු සදහා ඉහල අධිකරණය යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති වූ බව.

Migration Act පනත තුල මධ්‍යම රජයට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ශ්‍රේෂ්ටාධිකරණය හැරුණු කොට වෙනත් අධිකරණ වෙත ගෙන යා නොහැකි බව පැවසුවත් , මෙම තීන්දුවෙන් හෙළි වී ඇත්තේ එවන් නීතියකට අනුව පහල අධිකරණ තුලින් එවන් නඩු විමසීමට බාධාවක්  නොවන බවයි.

නමුත් මෙහිදී හෙළි වී ඇත්තේ එම පනතේ අඩංගු එම වගන්තිය රජය විසින් ඔවුන්ට වාසි ලෙස නිදහසට කරුනක් ලෙස යොදා ගත හැකි බවයි . නමුත් ප්‍රායෝගික වාසියක් නොමැති විටදී එම වගන්තිය නිදහසට කරුණක් ලෙස යෙදීම අනවශය් බවද සදහන් විය .

මෙම අමාත්‍යවරයාට එරෙහි චෝදනා ගොනු කොට ඇත්තේ නාවුරු හි සරණාගත රැදවුම් මධ්‍යස්තානයේ දරුවන් 3 න්දෙනෙකු විසින්. ඔවුන්ට අවශ්‍ය වූ මානසික සෞඛ්‍ය සේවාද ලබා නොදුන් බවට මෙහිදී නීතිඥවරුන් විසින් චෝදනා එල්ල කොට තිබේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම තීන්දුව මගින් වෙනත් තවදුරත් ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ග වලට බලපෑමක් වන බව ඔවුන් හදුනා ගෙන ඇති බව. නමුත් දැනට එම නීති ක්‍රියාමාර්ග ගනිමින් ඇති නිසා ඒ පිලිබදව දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් නොකරන බව වාර්තා වේ.

Source: SBS News


3 min read

Published

Updated

By Charitha Adikari, Tom Stayner


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now