SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිවාස මිල වැඩිවීමත්, වැඩිහිටි අපයෝජනය ඉහල යාමත් අතර සම්බන්දයක් ඇතිබව හෙළිවෙයි....

free from abuse
free from abuse

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාවේ සීග්‍රයෙන් ඉහල නඟින  නිවාස වෙළඳපොල රටෙහි වැඩිහිටි අපයෝජනය ඉහල යෑමට අනියම් ආකාරයෙන් බලපෑමක් ඇතිකළ හැකිබව රට පුරා පවතින නීති උපදේශන මධ්‍යස්ථාන විසින් රජයට පෙන්වාදෙනු ලබයි. වත්කම් සහ දේපොළ අයිතිවාසිකම් ඔස්ට්‍රේලියාව තුල වැඩිහිටි අපයෝජනයට බලපෑ ඇති හේතු අතරින් ප්‍රධානතම හේතුවක් ලෙසට දැනටමත් හඳුනාගනු ලැබ ඇත. මෙම නීති උපදේශන ආයතන පෙන්වාදී ඇත්තේ ඉහල යන නිවාස මිල හේතුවෙන් දු දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් විසින් තම දෙමාපියනට සහ පවුලේ ආච්චි සහ සීයාට සිදුකරන බලපෑම් වැඩිවී ඇති බවයි. බොහෝ විට ඔවුනට අයත් නිවාස සහ දේපොළ පවරා ගැනීමට හෝ තම නිවාස ණය සඳහා ඇපකරුවන් ලෙසට පෙනීසිටින ලෙසට කරනු ලබන මානසික සහ වාචික බලපෑම් ඔස්ට්‍රේලියාව තුල වැඩිවී ඇතැයි මෙම නීති උපදේශන ආයතන පෙන්වා දෙයි.

 National Legal Aid හි සභාපති ග්‍රැහැම් හිල් පවසනුයේ බොහෝ වැඩිහිටියන්, මෙලෙස තම දරුවන් හෝ මුණුපුරන් වෙනුවෙන් තමන් ඇපවන නිවාස ණය කිසියම් ආකාරයකට ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් ඇපකරුවෙකු ලෙසින් එය ගෙවා දැමීම සඳහා තමාට පැවරෙන වගකීම පිළිබඳව කිසිඳු අවබෝදයක් නොමැති බවයි.  මේ සඳහා ජාතික වශයෙන් මැදිහත්වීමක් අවශ්‍ය බදවා ඔහු පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now