SKIP TO MAIN CONTENT

ලංකාවේ පුංචි ඡන්දය එකම දිනක පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදනම්.

Sri Lanka politics
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ සියලු පාළාත් පාලන ආයතන සඳහා එකම දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම ඊයේ (30/11) තීන්දු කළ බව වාර්තා වේ.

සීමා නිර්ණය සම්බන්ධයෙන් පැවති නීතිමය ගැටළු ඉවත් ව ඇති හෙයින් මෙතෙක් අත්හිටවූ පළාත් පාලන ආයතනවලට ආදාල නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන සඳුදා (04/12) නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.

ඒ අනුව මීට පෙර නිවේදනය කර  තිබූ නාම යෝජනා බාර ගැනීමේ  කාල සීමාව වෙනස් වන අතර රටපුරා සියලු පළාත් පාලන ආයතනවලට නාම යෝජනා කැඳවීම සඳහා නව කාලසීමාවක් ලබන සඳුදා නිවේදනය කිරීමට ද නියමිතය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන ජනවාරි මස 27 වන දින පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුනද එම දිනයද වෙනස්වී පෙබරවාරි මස මුල් සතියේ සෙනසුරාදා දිනයක එම මැතිවරණය පැවැත් වෙනු ඇතැයිද මැතිවරණ  කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now