ඔස්ට්‍රේලියාව තුල සම ලිංගික පුද්ගලයින්ට ඇති අයිතීන්

වසර 2013 සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම සමලින්ගික අයිතීන් අවශ්‍ය බවට පිළිගන්නා බවයි. 2017 දෙසැම්බර් මස ඕස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් අනතුරුව තවමත් එම අයිතීන් පිලිබදව විවිධ පාර්ශව සාකච්චා කරමින් සිටිනවා.

LGBTIQ Rights

LGBTI activists continue to advocate for wider rights despite the legalisation of same-sex marriage in December 2017. Source: Getty Images/LumiNola

මෙසේ විවිධ ලිංගික ආනතියකින් යුක්ත පුද්ගලයින් LGBTI හෙවත්  lesbian, gay, bisexual, transgender , intersex යන නමින් හඳුන්වයි. Equality Australia හි අධ්‍යක්ශ Ghassan Kassisieh පවසන්නේ සමහර සංස්කෘතීන් වල මෙසේ තමාට සමාන ලින්ගිකයන්ට ආකර්ෂණයක් ඇති පුද්ගලයින් හැඳින්වීමට බොහෝ සංකෘතීන් තුල නාමයන් නොමැති බවයි

ඕස්ට්‍රේලියාවේ මෙම සමලිංගික ඉතිහාසය

ඔස්ට්‍රේලියාව තුල සම ලිංගික ක්‍රියාකාරකම් බ්‍රිතාන්‍ය නීතිය යටතේ අපරාධයක් ලෙස සැලකිණි. 1924 දී එසේ හැසිරුණ පිරිමින් ජීවිතාන්තය දක්වා නිව් සවුත් වේල්ස් හිදී සිර ගත කොට තිබේ. 1949 වන තුරු එය මරණ දඩුවම දිය හැකි වරදක් බවට වික්ටෝරියාවේ පිලි ගැනුනි. 1997 දී ටස්මෙනියාවේ එය අවසන් ප්‍රාන්තය ලෙස නීතිගත කෙරින.

 

LGBTIQ Rights
LGBTI is a collective term referring to lesbian, gay, bisexual, transgender or intersex people. Source: Getty Images/Gerardo Barreto/EyeEm

ඔවුන්ගේ මෙම ලිංගික ආනතිය වෙනස් කිරීමේ ක්‍රියා මාර්ග (Coversion Therapy )

වසර 2018 දී joint report by the Human Rights Law Centre, La Trobe University and Gay and Lesbian Health Victoria නම් වූ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ 10%ක් පමණ මෙම විවධ ලින්ගික නැමියාවන් ඇති පුද්ගලයන් එයින් මුදවා ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ බවයි. මෙය මානසිකව ඉතා අසහනකාරී වන බවට පවසන අතර National LGBTI Health Alliance පවසන්නේ සමලිංගික වයස අවු 16-27 අතර පුද්ගලයින් අනෙක් පුදගලයින්ට වඩා දිවි නසා ගැනීමේ අවධානම 5 ග්නයකින් වැඩි බවයි.

වෙනස්කම් කිරීම

වසර 2014  Face the facts නම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙම විවිධ ලිංගික නැබුරුවක් ඇති පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම වාචිකව ඔවුන්ගේ ලිංගිකත්වය නිසා වෙනස්කම් වලට භාජනය වු බවයි. එසේම 10 දෙනෙකුගෙන් දෙදෙනෙකුම ශාරීරිකව ද අපයෝජනයට ලක් ව තිබේ

එසේම ඔස්ට්‍රේලියාව තුල මෙම විවධ ලිංගික පුද්ගලයින් 100කින් 11 දෙනෙකුම ඔවුන් සදහා ඇති සහන සේවා ලබා ගනී. නමුත් Australian LGBTIQ Multicultural Council හි ව පවසන්නේ බොහෝ බහුසංස්කෘතික පසුබිමකින් පැමිණෙන මෙවන් පුද්ගලයන්ට ඔවුන්ගේ එම සංස්කෘතික පසුබිම මෙම ලිංගිකත්වය නිසා අතැර දැමීමට සිදු වන බව.

LGBTIQ Rights
Stop Homophobia sign Source: Getty Images/Jason Taellious

වත්මන් ඕස්ට්‍රේලියාවේ අයිතීන්

වසර 2008 දී Rudd රජය විසින් සම ලිංගික යුවල හට , superannuation, සමාජ සුභසාදන , රැකියා ස්ථානයේ අනතුරු සදහා ලබා දෙන ගෙවීම් . බදු , පුරවැසිභාවය හා සංක්‍රමණය සදහා වන නීතිමය අයිතීන් ලබා දුනි.

එසේම වසර 2017 දෙසැම්බර් වලින් පසු සමලිංගික යුවලට නීත්‍යානුකුලව විවාහ විය හැකි අතර වසර 2018 අප්‍රේල් සිට සියලු ප්‍රාන්ත හා territory වල ඔවුන්ට දරුවන් හදා ගැනීමට ගැනීමට ද හැකියාව ලැබී තිබේ

LGBTIQ Rights
Same-sex couple getting married. Source: Getty Images/Maskot

නමුත් නම් වාර්තාවේ සංස්කාරක  Maria Pallotta-Chiaroll පවසන්නේ මෙසේ දරුවන් හදා ගැනීම බහු සංකෘතික පවුල් වල සම ලිංගික පුදගලයන් නැවත එම පවුලට ඇතුලත් කර ගනීමට හේතුවක් වී ඇති බවයි.

එසේම සමහර පුදගලයන්ට ඔවුන් උපන් ලිංගය නොව ඔවුන් දැන් පිළිගන්න ලිංගිකත්වය උප්පැන්න  සහතිකයේ සදහන් කිරීම වැනි තවත් අයිතීන් අවශ්‍ය බවද Ghassan Kassisieh පවසනවා.

එසේම Australian Medical Association විසින් සමලිංගිකත්වය රෝගයක් නොවන බවට පිළිගත්තේ වසර 1975 දී. තවමත් සංක්‍රමණික පසුබිමකින් යුත් පුද්ගලයන්ට සිය ප්‍රජාව විසින්ම ඒ පිලිබදව ගැටළු ඇති විය හැකි බවත් පැවසේ.

ඔබටත් මේ සම්බන්ධව හෝ මානසික ගැටළුවක් පිළිබද පහත සේවා මගින් ආධාර ලබා ගත හැකියි

Lifeline 13 11 14

Suicide Call Back Service on 1300 659 467

1800RESPECT on 1800 737 732

 Kids Helpline on 1800 55 1800

s
Source: SBS Sinhala


Share

3 min read

Published

Updated

By Amy Chien-Yu Wang, Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now