SKIP TO MAIN CONTENT

Brisbane සහ Moreton Bay හැර ක්වීන්ස්ලන්තයේ සෙසු කලාප වල lockdown නීති අවසන්

People wearing protective face masks are seen walking through King George Square during lockdown in Brisbane, Thursday, July 1, 2021
People wearing protective face masks are seen walking through King George Square during lockdown in Brisbane, Thursday, July 1, 2021 Source: AAP

1 min read

Published

Updated

By SBS News, Madhura Seneviratne

Source: SBS



Skip to article content

දින 3 ක lockdown කිරීමකට ලක්ව ඇති ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නගර සභා කලාප වලින් බොහෝ ඒවායේ lockdown නීති අද (02/07) පස්වරු 6 න් අවසන් වන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය දැනුම් දෙයි.

නමුත් Brisbane සහ Moreton Bay නගර සභා කලාපවල lockdown නීති අවම වශයෙන් ජූලි 03 වන දා සෙනසුරාදා පස්වරු 6 වන තෙක් පවතින බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් අලුතින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන තිබේ.

අද පස්වරු 6 න් පසුව lockdown නීති ඉවත් කළද Noosa, Sunshine Coast, Ipswich, Logan, Redlands, Gold Coast, Scenic Rim, Lockyer Valley, Somerset සහ Townsville කලාප වල වැසියන් නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු බවට ප්‍රාන්ත රජය දැනුම් දී ඇත.

මෙය ඉදිරි සති දෙක පුරාවටම බලාත්මක වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now