Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාර ගනියි. 11 දෙනෙකු අත්අඩංගුවට.

London Attack
Source: EPA

එංගලන්ත වේලාවෙන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ලන්ඩන් පාලම ආශ්‍රිතව සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගෙන තිබේ.

මෙම ප්‍රහාරයන් සාමාන්‍ය වැසියන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි.

එම 48 දෙනාගෙන් 21 දෙනෙකු ගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.

ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් තිදෙනාට පොලිසිය විසින් වෙඩි තැබූ අතර ඔවුන් එම ස්ථානයේම මිය ගොස් ඇත.

නැගෙනහිර ලන්ඩනයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී මීට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now