SKIP TO MAIN CONTENT

දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් හමුවීමෙන් ලන්ඩන් නගරයේ ගුවන් තොටුපොළ වසා දමයි. (වීඩියෝ)

London City Airport closed after WWII bomb found
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් Thames නදිය ආසන්නයේ දී හමුවීම හේතුවෙන් ලන්ඩන් නගරයේ ගුවන් තොටුපොළ වසා දමන බව එහි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

King George V Dock කලාපයේදී මෙම බෝම්බය හමුවී තිබෙන අතර එය ලන්ඩන් නගරයේ ගුවන් තොටුපොළ ට  ඉතා ආසන්නව පිහිටා  තිබීම නිසා මේ තීරණය ගෙන ඇත.

ඒ අනුව ලන්ඩන් නගරයේ ගුවන් තොටුපොළ හරහා ගුවන් ගමන් වල යෙදීමට අපේක්ෂා කරන සියලුම ගුවන් මගීන් හට තම ගුවන් සේවය අමතා නව ගුවන් ගමන් විස්තරය දැනගන්නා මෙන් බලධාරීන් ඉල්ලා සිටියි.

අදාළ බෝම්බය ඉවත් කිරීමේ කටයුතු එංගලන්ත රාජකීය නාවුක හමුදාව ට පැවරී ඇති බවද වාර්තා වේ.

වසර 1940 සැප්තැම්බර් සිට 1941 මැයි මාසය දක්වා දෙවැනි ලෝක යුද සමයේදී ජර්මානු හමුදා විසින් ලන්ඩන් නුවරට බෝම්බ සිය ගණනක් පතිත කර ඇති අතර මෙය ඉන් එක්ක වන්නට ඇතැයි විශ්වාස කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now