SKIP TO MAIN CONTENT

ලන්ඩනයේ Grenfell Tower ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 79 දක්වා ඉහළට.

London Fire
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලන්ඩනයේ Grenfell Tower ගොඩනැගිල්ලේ ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 79 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලන්ඩන් පොලීසිය අනුමාන කරයි.

පසුගිය බදාදා (14/06) දින ඇතිවූ මෙම ගින්නෙන් අනතුරුව තට්ටු 24 කින් යුත් අදාළ ගොඩනැගිල්ලේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලන්ඩන් පොලීසිය විසින් මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබේ.

1974 වසරේ දී ඉදිකළ මෙම කොන්ක්‍රීට් ගොඩනැගිල්ල මෑතකදී නව පිටත ආවරණ යොදා නවීකරණය කරන ලද අතර එම පිටත ආවරණ ඉක්මණින් ගිනි ගන්නා සුළු ඒවා බව බොහෝ ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම ගොස් මෙම සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පවත්වා සාධාරණ තීන්දුවකට එළඹෙන බව ලන්ඩනයේ පොලිස් කොමාන්ඩර් Stuart Cundy පැවසීය.

Grenfell Tower ගොඩනැගිල්ලේ තිබූ එක් නිවෙසකට පවුම් 5500 බැගින් පවුම් මිලියන 5 ක වන්දි මුදලක් බ්‍රිතාන්‍ය රජය විසින් වෙන්කර තිබෙන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now