SKIP TO MAIN CONTENT

ලන්ඩන් මහල් නිවාස ගොඩනැගිල්ලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට.

London tower fire
Water is sprayed on Grenfell Tower in west London after a fire engulfed the 24-storey building on Wednesday morning. Source: Press Association

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය දා බටහිර ලන්ඩනයේ තට්ටු 24 ක මහල් නිවාස ගොඩනැගිල්ලක සිදුවූ ගිනිගැනීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 30 ක් පමණ මේ වන විට තහවුරු වී ඇති බව වාර්තා වේ.

මීට අමතරව තවත් 70 ක් පමණ අතුරුදන්ව ඇති බව ද සඳහන්.

ලන්ඩන් ගිනි නිවන හමුදාව මේ වන විටත් පිලිස්සී ගිය ගොඩනැගිලි සුන් බුන් අතර සිරුරු සෙවීමේ කටයුතු වල නිරතව සිටින බවද වාර්තා වේ.

මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි තමන් විශවාස කරන බව ලන්ඩන් පොලිස් කොමසාරිස් Stuart Cundy පවසා තිබේ.

ගින්න ඇතිවුයේ කෙසේදැයි සොයා බැලීමට අපරාධ පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර ගින්න සිතාමතා ඇති කළ එකක් බවට තවමත් කිසිදු සාක්ෂියක් හමුනොවූ බවද ඔහු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now