SKIP TO MAIN CONTENT

LPL තරගාවලියම සූරිය වැවට, ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ලක්ද නම් කෙරේ

LPL will hold in Suriyawewa
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2020 ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ නිල සත්කාරකත්වය හිමි එකම ක්‍රීඩාංගණය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෙවත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නිල වශයෙන් ඊයේ නම් කෙරිණි.

එළැඹෙන නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත  LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 ම සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර  LPL ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී.ජී. ආයතන පියවර ගෙන තිබේ.

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව ජනප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් මහතා ඇතුළු ජාත්‍යන්තරයේ නම ගිය ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරුද ඇතුළත් වෙති.

ඔවුන්ට අමතරව පාකිස්තානයෙන් හිටපු නායකයකු  වූ ආරම්භක පිතිකරු අමීර් සොහෙයිල්, දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හිටපු ප්‍රවේගකාරී පිතිකරුවන් දෙපළක් වන හර්ෂල් ගිබ්ස් සහ ඩැරන් ගංගා ද LPL තරගාවලි විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now