SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ කාන්තාවන්ගේ නවතම මාරයා හඳුනාගැනේ. (වීඩියෝ)

Lung overtakes breast as biggest cancer killer of Victoria’s women
390487 03: A view of a close up of a lung x-ray of a cigarette smoker in an undated photo. (Photo Courtesy of the American Cancer Society via Getty Images) Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන කාන්තාවන් මෙතෙක් මුහුණ දුන් විශාලතම පිළිකා උවදුර වූ පියයුරු පිළිකා අභිබවමින් පෙනහළු පිළිකා පෙරට පැමිණ ඇති බව වික්ටෝරියානු පිළිකා සභාවේ නවතම වාර්ෂික දත්ත මගින් අනාවරණය වී තිබේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයම සුලබව මුහුණ දෙන පිළිකා තත්ත්වය ලෙස මෙම පෙනහළු පිළිකා  දැක්වේ.

පෙනහළු පිළිකා හඳුනාගත් උදවියගෙන් තවත් වසර 5 ක් පමණ ජීවත් වන්නේ 18% ක ප්‍රතිශතයක් බවද වික්ටෝරියානු පිළිකා සභාවේ නවතම වාර්ෂික වාර්තාවේ සදහන් ව තිබේ.

මෙම දත්ත ප්‍රසිද්ධ කිරීම මගින් දුම් පානය කරන්නන් ඉන් මුදවා ගැනීමට පෙලඹවීම සිදු කෙරෙන බව වික්ටෝරියානු පිළිකා සභාව පවසයි.

පසුගිය වසර 40 ක කාලය තුළ දුම් පානය ඉහල ගොස් තිබීම මීට හේතුව බව වික්ටෝරියානු පිළිකා සභාවේ Quit Victoria හි අධ්‍යක්ෂිකා වෛද්‍ය Sarah White පැවසුවාය.

මේ අතර මෙම පෙනහළු පිළිකා ඇතුළු තවත් සුලබ පිළිකා වර්ග 7 ක් සිරුරේ පැතිරීමට පෙර හඳුනාගැනීමට "liquid biopsy" නැමති නවතම රුධිර පරීක්ෂණය ඉවහල් වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now