SKIP TO MAIN CONTENT

ප්‍රංශයේ ලාබාලතම ජනපතිගේ පදවිප්‍රාප්තිය මේ ඉරිදා පැරිස් නුවරදී.

French Election 2017
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය මැයි 07 වන දින පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කරගත් Emmanuel Macron හට ජනාධිපති ධුරයේ නිල වශයෙන් බලය පැවරීම එළඹෙන මැයි 14 වන දින සිදු කරන බව වත්මන් ප්‍රංශ ජනාධිපති Francois Hollande තහවුරු කර තිබේ.

දක්ෂිණාංශික දේශපාලන චරිතයක් වන Marine Le Pen පරාජය කරමින් 39 හැවිරිදි වියෙහි පසුවන  Emmanuel Macron මෙවර ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙමිනි.

ඒ අනුව එළඹෙන මැයි 14 වන දින Emmanuel Macron ගේ දිවුරුම් දීම ප්‍රංශ ජනපති නිල නිවස වන පැරිස් නුවර Elysee මාළිගාවේදී පැවැත්වෙනු ඇත.

French Election 2017
The Elysee Palace, Paris, France Source: www.pico-sa.com

මේ අතර ප්‍රංශයේ විරැකියා අර්බුදය විසඳීමට ප්‍රංශ නව ජනාධිපති Emmanuel Macron හට ජර්මනියේ උපරිම සහය ලබා දෙන බව ජර්මානු චාන්සලර් Angela Merkel  පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරණ සටනේදී  Emmanuel Macron යුරෝපානු හිතැති ප්‍රවර්ධන වැඩසටහනක යෙදුනු බවත් යුරෝපයේ ආර්ථික ස්ථාවරයට එය සුබ ලකුණක් බවත් ඇය පවසා තිබේ.

යුරෝපානු සංගමයේ ඉදිරි ගමනට මෙම ජයග්‍රහණය අතිශය වැදගත් බව ද Angela Merkel   පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now