ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරුවූ අනිල් කුම්බ්ලේ ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියත් සමගම ඉන් ඉවත්වීම හේතුවෙන් එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කිරීමට යන බව “India Today” පුවත් පත වාර්තා කර තිබේ.
මීට අමතරව එම තනතුර සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතා ද ඉදිරිපත් වීමට සූදානම් වන බව එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.
කෙසේනමුත් තමන් මෙම කාලයේ පූර්ණ කාලීන රැකියාවක් නොසොයන බව මහේල තම නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශ කර ඇත.
ඉන්දීය පුහුණුකරු වීමට තමන් සූදානම් දැයි අසා ලැබෙන දහස් සංඛ්‍යාත ප්‍රශ්න සහ පණිවිඩ වලට පිළිතුරක් ලෙස ඔහු එම සටහන තබා තිබේ.


