SKIP TO MAIN CONTENT

අවසානයේ මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි.

Dissolve Parliament- MR tells govt.
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ වත්මන් රජයට ජනතාව දක්වන අප්‍රසාදය පසුගිය පළාත් පාලන මැතිරණ ප්‍රතිඵල වලින් පෙනුණු බවත් එනිසාම රටේ ඇතිවී ඇති අස්ථාවර භාවය නැති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා නව රජයක් තෝරා පත්කරගත යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පැවති පළාත් පලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලද ජයග්‍රහණයෙන් පසු අද (12/02) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් පළාත් පාලන ආයතන 232 ක බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම ඡන්ද ප්‍රතිඵලය ලබා ගැනීමට හේතු වූයේ  ආණ්ඩුවේ පළිගැනීමේ ක්‍රියා කලාපය සහ බදු බර වැඩි කිරීම සහනාදාර කපා හැරීම ආදි කරුණු නිසා බව ද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම මැතිවරණය ගමට නියෝජිතයෙකු තෝරාපත් කර ගැනීමට වඩා ඔබ්බට ගිය ජාතික මැතිවරණයක් හා ජනමත විමසුමක් බවට පත්වූ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now