SKIP TO MAIN CONTENT

මහින්ද යලිත් අද සිට අගමැති වෙයි

Mahinda Rajapaksha
Mahinda Rajapaksha

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නව ජනපති ගෝඨාබය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණයත් සමඟ ඒ මහතාට අවශ්‍ය පරිදි නව රජයක් පත්කොට ගැනීම සඳහා අවස්ථාව සලසමින් තම තනතුරින් ඉල්ලා අස්වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිවේදනය කළේය. ඒ අනුව ජනාධිපතිවරයාට භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක් පැවැත්වෙන තෙක් රට පාලනය කිරීමට මින් අවකාශ සලසා දෙන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

නව ජනාධිපති ගොටභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම භාරකාර රජය සඳහා ඇමැතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්ද පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර නව භාරකාර රජයේ අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතය. ඒ අනුව ඒ මහතා අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.

ඝෝටභය රාජපක්ෂ නව රජයේ පත්වීම් කිහිපයක් ද මේ වන විට සිදුකොට ඇත. ඒ අනුව ජනාධිපති ලේඛම් ලෙසට පි බි ජයසුන්දර, ආරක්ෂක ලේඛම් ලෙසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ මුදල් අමාත්‍යංශ ලේඛම් ලෙසින් එස් ආර් ආටිගල යන අයවලුන් පත්කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now