SKIP TO MAIN CONTENT

ජනපති මෛත්‍රී අද ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් හමුවෙයි.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ද්වි පාර්ශවික සබඳතා වල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් ගේ නිල ආරාධනයකට අනුව ඔස්ට්‍රේලියාවේ තෙදින නිල රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් අතර නිල හමුව අද (25/05) පෙරවරුවේ කැන්බරා නුවර මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (24/05) කැන්බරා නුවර පිහිටි වැඩසටහන් කිහිපයකටම සහභාගී විය.

ඒ අනුව පළමුව කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ එතුමා සිය සංචාරය සනිටුහන් කරමින් එහිදී මැහෝගනී පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර තිබෙන ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමටද සිරිසේන මහතා එක්විය.

අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයද නිරීක්ෂණය කළේය.

ඉන් පසුව කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය වැඳ පුදාගත් සිරිසේන මහතා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ට ගොස් එහිදී කැන්බරා නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සුහද හමුවකට ද එක්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now