SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේ ක්‍රියාපිළිවෙත සංශෝධනය කිරීම පිලිබද බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් ප්‍රසාදය පල කර තිබේ : අගමැති ටර්න්බුල්.

Australian Citizenship
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීම සදහා අදාල වන ක්‍රියාපිළිවෙත සංශෝධනය කිරීම පිලිබදව බහුතරයක් ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රසාදය පල කර ඇති බව අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.

අදාල නව යෝජනා වලට අනුව ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේදී, ඉංග්‍රීසි භාෂාව පිළිබද පරික්ෂනයකටද පෙනී සිටිය යුතු බව සදහන්. තවද දැනට ස්ථිර පදිංචිය හිමිවීමෙන් වසරකින් පසුව පුරවැසි භාවය අයදුම් කල හැකි අතර, නව යෝජනා යටතේ ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව වසර හතරකින් ඒ සදහා අවස්ථාව හිමි වන බව සදහන්.

තවද දැනට ක්‍රියත්මක පුරවැසිභාවය පිළිබද පරීක්ෂණය සංශෝධනය කිරීමට නියමිත අතර, ගෘහස්ත හිංසනය සහ ළමා විවාහ ආදී කරුණු ආශ්‍රිත පිළිබද ප්‍රශ්නද ඊට ඇතුලත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියවද ලොව අනෙකුත් රටවල් සමග යමින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කල බව ABC මාධ්‍ය ජාලයට  මේ පිලිබදව අදහස් දක්වමින් අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now