SKIP TO MAIN CONTENT

මැලේසියානු ගුවන් යානයක නැවතත් දෝෂයක් : හදිසි ගොඩබැස්විමක්.

MH122
Source: Sanjeev Pandey

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය බලා ගුවන් ගත වෙමින් තිබූ MH122  දරන මැලේසියානු ගුවන් යානය තාක්ෂනික දෝෂයක් හේතුවෙන් ඊයේ (18/01) හදිසියේම Alice Springs ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

සිඩ්නි ගුවන් තොටුපොළින් යානය ගුවන් ගත කර ක්වාලාලම්පූර්  දක්වා යන ගමනේදී බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය ආසන්නයේදී මේ දෝෂය හට ගැනීමත් සමග මෙලෙස Alice Springs ගුවන් තොටුපොළ වෙත යානය ගොඩ බස්වා තිබේ.

එම යානයේ සිටි සියලු ගුවන් මගීන් අද පස්වරු 4.45 ට  Alice Springs ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ගුවන් යානයක මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය වෙත පිටත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

සිද්ධිය සිදුවූ අවස්තාවේදී යානය තුළ සිටි ගුවන් මගියෙකු වන Sanjeev Pandey, SBS පුවත් සේවයට පවසා සිටියේ එම අත්දැකීම ඉතා බියජනක බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now