SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ පළමු වසර සමරයි.

Malcolm Turnbull mark 12 months as Australia’s PM.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සිය වසරක ධුර කාලය සමරයි.

පසුගිය වසරක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් තම රජය ජයග්‍රහණ රාශියක් අත් කරගත් බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (02/07) තම නිල Facebook පිටුවේ ප්‍රකාශ කර තිබේ.

මේ  වන විට තමන්ට වයස අවුරුදු 62 ක් වුවත් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් විශ්‍රාම ගැනීමට අදහසක්  නොමැති බවද ඔහු පැවසීය.

නමුත් අග්‍රාමාත්‍ය ධුරය අහිමි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවද අගමැති ටර්න්බුල් සඳහන් කළේය.

මේ අතර ලිබරල් සන්ධාන රජයේ වසරක පාලන කාලය ගතවත්ම පක්ෂය තුළ යම් භේදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වේ.

ලිබරල් පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක බෙදීමක් දක්නට ඇති බව ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසා තිබේ.

මේ අතර ලිබරල් පක්ෂය තුළ ඇති මත ගැටුම් නිසා ඔස්ට්‍රේලියාවට හානිදායක තත්ත්වයක් ඇති වන බව විපක්ෂ නායක බිල් ශෝටන් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් විසින් ඉදිරිපත් කර ඇති "Make Australia Work Again" නැමති නව වැඩපිළිවෙල හේතුවෙන් ලිබරල් පක්ෂය තුළ ඇතිවී ඇති කැළඹීම නිසා  ඔස්ට්‍රේලියාවේ ජනතාව වෙත අවධානය යොමු කිරීමට ලිබරල් සන්ධාන රජයට  අපහසු වී ඇති බවද  විපක්ෂ නායක බිල් ශෝටන් පවසයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now