SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති ඉන්දීය අගමැති හමුවෙයි.

Malcolm Turnbull met Narendra Modi.
Turnbull meeting Modi Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Malcolm Turnbull ගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය අදින් (10/04) ආරම්භ විය.

ඔස්ට්‍රේලියානු - ඉන්දියානු සබඳතා නව දිශාවකට යොමු කරමින් ඉහළ මට්ටමකට ගෙන ඒමට මෙම සංචාරය යොදා ගන්නා බව අගමැති ටර්න්බුල් පැවසීය.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය  Narendra Modi හමුවූ අගමැති ටර්න්බුල් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පවත්වා ඇත.

මෙම සංචාරය අතරතුර දෙරට අතර වෙළෙඳ, බලශක්තිය, අධ්‍යාපනය සහ ආරක්ෂක යන අංශ වල ගිවිසුම් දෙරට අතර ඇති කරගැනීමට ද නියමිතය.

ඉන්දියාවේ ජනගහනය ශීග්‍රයෙන් වර්ධනය වන අතර මේ වන විට බිලියන 1.3 ක ජනතාවකට සෙවන සලසමින් සිටියි.

ඔස්ට්‍රේලියාවට වඩා ඉන්දියාවේ ජනගහනය තරුණ බව ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull පැවසීය.

2030 වන විට චීනයේ ජනගහනය පරදවා යාමට ඉන්දියාව අපේක්ෂා කරන අතර එමගින් ආර්ථිකයද පුළුල් කරගැනීමට අපේක්ෂා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now