SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියා දිනයේ අගමැති ටර්න්බුල් ජාතිය ඇමතු හැටි ( වීඩියෝ)

Turnbull says 'not many' people oppose Australia Day
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට බහුතරයක් දෙනාගේ විරෝධයක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය  Malcolm Turnbull පවසයි.

අදට (26/01) යෙදී තිබෙන "ඔස්ට්‍රේලියා දිනය" නිමිත්තෙන් කැන්බරා අගනුවරදී පැවැත්වුණු නිල ජාතික උත්සවයේ ප්‍රධාන කතාව සිදු කරමින් අගමැති ටර්න්බුල් මේ බව ප්‍රකාශ කළේය.

1788 වසරේ ජනාවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් ප්‍රථම නැව් 11 ඔස්ට්‍රේලියාවට පැමිණීම සංකේතවත් කරමින් ඔස්ට්‍රේලියා දිනය සැමරේ.

නමුත් මෙරට ආදී වාසී ජනයා වන ඇබෝර්ජීනියානු ජනතාව සහ ටෝරස් දූපත් වාසීන් අද දිනය "ආක්‍රමණික දිනය" ලෙස හඳුන්වයි.

වසර 60,000 කටත් අධික කාලයක් ඔවුන්ගේ නිදහස් ජීවිත ගෙවුණු මෙම භූමිය බ්‍රිතාන්‍යය ආක්‍රමණයට නතුවීම ඊට හේතුව ලෙස ඔවුන් දක්වයි.

එනිසාම "ඔස්ට්‍රේලියා දිනය" ට විරෝධතාව දක්වමින් සෑම වසරකම ජනවාරි 26 වන දින "Invasion Day marches" හෙවත් "ආක්‍රමණික දින පාගමන්" සංවිධානය කිරීමක් සිදුවන අතර ඒ සඳහා දහස් ගණන් පිරිස් සහභාගී වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now