SKIP TO MAIN CONTENT

මාලිංගගේ නැතිවූ සොහොයුරා ඉන්දියාවෙන් හමුවෙයි.

IPL 2017
Source: IPL 2017

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ රුවට සමාන රුවක් සහිත පුද්ගලයෙකු පසුගිය සෙනසුරාදා (29/04) IPL තරගාවලිය යටතේ ඉන්දියාවේ Rajkot හි පැවති Gujarat Lions සහ Mumbai Indians අතර තරගය නැරඹීම සඳහා පැමිණ සිටින බව රූපවාහිනී විකාශය මගින් සජීවීව ලබා දීමත් සමග Rajkot ක්‍රිකට් ක්‍රීඩාංගණය පමණක් නොව ලසිත් මාලිංගට ද සිනහව නවත්වා ගැනීමට අපහසු වූ බව වාර්තා වේ.

තරගයෙන් අනතුරුව ඔහු එම පුද්ගලයාව මුණ ගැසී තිබෙන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් “මාලිංගගේ නැතිවූ සොහොයුරා ඉන්දියාවේ Rajkot හිදී හමුවෙයි” යනුවෙන් සටහනක් මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ සටහන් කිරීමද බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

IPL 2017
Source: Twitter

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now