SKIP TO MAIN CONTENT

ගිරව් - රිලව් කතාව නිසා මාලිංගට මාස 6 කට අත් හිටවූ තරග තහනමක් සමග 50% ක දඩයක්.

Malinga gets suspended ban for breach of contract.
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව පිළිතුරු සැපයූයේ යැයි කියන වරදට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වසරක තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (27/06) තීරණය කළේය.

එම දඩුවමට අමතරව ඔහුගේ මීළඟ එක් දින ජාත්‍යන්තර තරගයේ තරග මුදලින් 50% ක දඩයක් ද පනවා තිබේ.

ඒ අනුව මාලිංගට සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීමට මෙම තහනම බාධාවක්  නොවේ.  

මෙම සිද්ධියට තමන් වැරදිකරු බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට ඊයේ පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now