SKIP TO MAIN CONTENT

20-20 සටනට ලසිත් මාලිංග කැඳවයි.

Malinga has been called for T20 Series against Bangladesh.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අප්‍රේල්  04 වැනිදා  ආරම්භ වන තරග දෙකකින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවා තිබේ.

මේ අතර කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් මෙම 20-20 සංචිතයෙන් ඉවත්කර තිබේ.    

කෙසේවෙතත් ලසිත් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව අපේක්ෂිත මට්ටමට පවතින්නේනම් පමණක් ඔහුව කණ්ඩායමට එක් කරගන්නා බව පැවසේ.

කුසල් ජනිත්ගේ ශාරීරික යෝග්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොමැති වේ නම් ඔහු වෙනුවට සඳුන් වීරක්කොඩි සංචිතයට එකතුවනු ඇති බව ද වාර්තා වේ.

20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය.

උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ලසිත් මාලිංග, සඳුන් වීරක්කොඩි, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now