SKIP TO MAIN CONTENT

මාලිංගට අද විනය පරීක්ෂණයක්.

Malinga to face disciplinary inquiry.
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව විනය පරීක්ෂණයක් අද (27/06) පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට ඇති බවත් වාර්තා වේ.

එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටු සභාපති අසේල රැකව, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු නම්කොට ඇත.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

එය මතභේදයට තුඩුදුන් ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබුණි.

ජාතික පිලේ ක්‍රීඩකයන්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවශ්‍ය නම් ක්‍රිකට් ආයතනයේ අවසරය කලින් ලබා ගැනීම කළ යුතුව ඇතැයි යන නීතියක් කලක පටන් ක්‍රියාත්මක වෙමින් පවතී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now