SKIP TO MAIN CONTENT

උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට, ජනාධිපති බලතල තවදුරටත් තිබිය යුතුයි. දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත නොකළ යුතුයි. රටේ ඇති සියලු වන රක්ෂිත ගැසට් කළ යුතුයි. මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට කරුණු 21 ක ලියවිල්ලක්.

Sri Dalada Maligawa
Source: Sri Dalada Maligawa

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද ලිඛිතව දන්වා තිබේ. 

උභය මහාවිහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව සැකැසූ මෙම ලියැවිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසියේම ඊයේ (05/04) පෙරවරුවේ මහනුවරට පැමිණ ජනාධිපති නිල නිවෙසේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් හමු වූ අවස්ථාවේදීය. 

මේ අතර හම්බන්තොට වරාය පැවරීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේදි රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි එය සිදුකරන බවට ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් හි මහා සංඝ රත්නය වෙත ප්‍රකාශ කර තිබේ.

අදාළ ගිවිසුම අත්සන් තබන චීන සමාගමේ ප්‍රධානියාද ඊයේ පස්වරුවේ තමන් හමුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේය.

එසේම ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටින් දිවෙන දැනට වසා දමා ඇති මාර්ගය විවෘත නොකළ යුතු බවට වූ යෝජනාවක්ද මහා නා හිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවේ ඇතුළත්.

එමෙන්ම විල්පත්තු රක්ෂිතය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කළා මෙන් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති අනෙකුත් රක්ෂිතයන්ද ගැසට් කර වනජීවී දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලෙස මල්වතු සහ අස්ගිරි පාර්ශවවල කාරක මහා සංඝ සභාව තවත් ඉල්ලීමක් සිදු කර ඇත.

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියන්ගේ හා ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී හිමියන්ගේ අස්සන් යුතුව නිකුත් කර ඇති මේ ලියැවිල්ල රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කරුණු 21 කට අදාළව යෝජනාවලියක් ලෙස සකස් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now