SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ Manchester නුවර බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට.

Manchester Arena Attack
Source: IBTV

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බ්‍රිතාන්‍යයේ Manchester නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සොයා තව දුරටත් මෙහෙයුම් සිදු කරන බව බ්‍රිතාන්‍ය පොලීසිය පවසයි.

මේ අතර එම ප්‍රහාරයට සමබන්ධ යැයි මූලික වශයෙන් සැක කෙරෙන මරාගෙන මැරෙන බෝම්බකරුවා වන Salman Abedi ගේ පියා සහ බාල සොහොයුරාව ලිබියාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

ඒ අනුව සිද්ධියට සමබන්ධව මේ වන විට අත්අඩංගුවට ගැනුණු මුළු සංඛ්‍යාව හයකි.

මේ අතර බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි වල ආරක්ෂාව තර කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ  වැදගත් ගොඩනැගිලි වල සහ ස්ථාන වල ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් ව අනියුක්ත කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බව  ලන්ඩන් පොලීසියේ ප්‍රධානී Cressida Dick පැවසුවාය.

Manchester  බෝම්බ ප්‍රහරෙය්න් පුද්ගලයින් 22 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලැබීය.

එම තුවාලකරුවන් අතරින් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now