Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය ඔක්තෝබර් 31 වසා දැමේ.

Manus Island immigration centre

Source: SBS

ඔස්ට්‍රේලියාව විසින් ප්‍රතිපාදන සපයන Papua New Guinea රාජ්‍යයේ ඇති Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය එළඹෙන ඔක්තෝබර් 31 දින වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව Manus  දූපතේ ඇති රැඳවියන් රඳවා තිබෙන එක් අංගනයක් මෙම සති අන්තයේ වසා දමන බව Manus  දූපතේ ආගමන කටයුතු පිළිබඳ බලධාරියෙකු පැවසීය.

මෙම රැඳවුම් මධ්‍යස්ථාන වල රැදී සිටින නීති විරෝධී සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට මෙහිදී තමන් කැමති විකල්පය තෝරා ගැනීමට හැකියාවක් ඇති බව Guardian Australia පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව සරණාගතයින් ලෙස  ඇමෙරිකාවේ ප්‍රතිස්ථාපිත කිරීම සඳහා එයින් 100 දෙනෙකු හට මේ වන විටත් අවස්තාව හිමිවී ඇති අතර සෙසු පිරිසට Papua New Guinea රාජ්‍යයේ ස්ථාපිත වීමට අවස්තාව ලබා දී ඇත.

මෙම විකල්ප ද්විත්වයෙන් අසමත් වන සරණාගතයින්ට සහ නීති විරෝධී සංක්‍රමණිකයින්ට යලි තම මව් රටවල් බලා යාමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියාව පවසයි.

ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි සරණාගත රැදවුම් මධ්‍යස්ථාන වල සිටින කිසිදු නීති විරෝධී සංක්‍රමණිකයෙකුට හෝ සරණාගතයෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ නොමැති බව ඔස්ට්‍රේලියානු රජය නැවත වරක් අවධාරණය කරයි.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now