SKIP TO MAIN CONTENT

මානුස් දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය අද සිට වසා දැමේ.

Manus Island offshore detention centre
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයින් සහ සරණාගතයින් රඳවා තිබූ මානුස් දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය අද සිට (31/10) වසා දැමේ.

මේ වන විට එම මධ්‍යස්ථානයට අයත් කඳවුරු වල ආහාර, ජලය සහ විදුලිය පහසුකම් යන සියල්ලක්ම කපා හැර ඇති බවද වාර්තා වේ.

මේ අතර මානුස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි සිය ගණනක රැඳවියන් ඉන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

එම මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් මානුස් දූපතේ ප්‍රධාන නගරය වන ලොරෙන්ගෝ නගරය අවට පිහිටි ප්‍රධාන කඳවුරු තුනක රැඳවීමට කටයුතු යොදා ඇති නමුත් එම කඳවුරු වල තමන්ට හිමි ආරක්ෂාව පිළිබඳ රැඳවියන් බියෙන් පසුවන බවද සඳහන්.

මේ තත්ත්වයට ඔස්ට්‍රේලියාව සෘජුව වගකිව යුතු බව Papua New Guinea හි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Petrus Thomas පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියානු රජය මේ කරුණ සම්බන්ධව අනුගමනය කළ ක්‍රියා පිළිවෙත හෙළා දකින බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now