SKIP TO MAIN CONTENT

"මැරලින් මොන්රෝ නුඹ සහ මම"

මෙල්බර්න් හි වසන තරුණ නිර්මාණකරුවෙකු වන නිරාශ ගුණසේකර ඔහු විසින් රචිත "මැරලින් මොන්රෝ නුඹ සහ මම" කාව්‍ය ග්‍රන්ථයෙන් SBS සිංහල වෙබ් අඩවියේ පළකිරීම උදෙසා එවූ එක් කවියක් .... කවියට පෙම් බඳින ඔබ වෙනුවෙන් නිරාශ ගුණසේකර ගේ තවත් කවි ඉදිරියටත් .....

Marilin Monroe
Marilin Monroe Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

"මැරලින් මොන්රෝ නුඹ සහ මම"

 

Marilin Monroe
Marilin Monroe Source: SBS Sinhala

 

ගෙනත් එල්ලූ දවසේ

මොන්රෝගේ පින්තූරේ

නුඹත් එල්ලෙනවායි

ප්‍රියේ ඔබ හැඬු හැටි

 

දරු පැටවූ බයවෙලා

මුළු මුළු වලට වැදුණු හැටි...

මගේ ඇස් දිහා උන් ගල් ගැසී බලා උන් හැටි

             .

             .

             .

අමතකද ඉස්සර

පරීක්ෂණ කරනකොට

නයිට්‍රික් අම්ලයේ බහාලා

හීන් ඇල්පෙනිති තුඩ

වම කම්මුලට පහලින්

ළා දෙඅදරට ඉහලින්

පොඩ්ඩක් පුච්චගත් හැටි

 

කොන්දෙත් කොටට කපාලා

කැඩපත ලඟම උන් හැටි

හීන් කර මඳක් ඇස්දෙක

තනියම හිනා උන හැටි

 

අත් නැති සුදු සිලික් ගවුමක්

සොයමින් පුරා දවසක්

සාප්පු ගානේ ගිය හැටි

 

තදම රතු සායමෙන්

තොල්වසා ගත්ත දින

බැනුම් අහගත්ත හැටි

 

බ්‍රන්ඩෝගේ පින්තූරේ

පොත් කවරෙකට දමා

සතියක්ම නොදොඩා උන්හැටි...

Marilyn MonroeActrice
Marilyn MonroeActrice Source: SBS Sinhala

මෙල්බර්න්  හි වසන තරුණ නිර්මාණකරුවෙකු වන නිරාශ ගුණසේකර ඔහු විසින් රචිත "මැරලින් මොන්රෝ නුඹ සහ මම" කාව්‍ය ග්‍රන්ථයෙන් SBS සිංහල වෙබ් අඩවියේ පළකිරීම උදෙසා  එවූ  එක් කවියක් ....

කවියට පෙම් බඳින ඔබ වෙනුවෙන් නිරාශ ගුණසේකර ගේ තවත් කවි ඉදිරියටත් .....

වෙබ් සැකසුම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now