SKIP TO MAIN CONTENT

ලන්ඩන් ගින්න : තට්ටු නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 12 දක්වා ඉහල නගී. (SBS සිංහල)

London Fire
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

Update -

ලන්ඩන් හි ග්‍රේන්ෆෙල් තට්ටු නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 12 දක්වා ඉහල නගී. තට්‌ටු 24 කින් යුතු මෙම ගොඩනැඟිල්ල ඊයේ අලුයම ඇති වූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ විය. මෙම මහල් නිවාස සංකීර්ණ තට්ටු 20 කින් සමන්විත අතර එහි නිවාස 120ක් තිබී ඇත. එම සියලු නිවාස මෙම ගින්නෙන් විනාශයට පත්ව තිබේ. ගින්නට මැදිව සිටි පුද්ගලයින් 65 දෙනෙකු බේරාගැනීමට ගිනි නිවන භටයෝ සමත්වූහ.

 ලන්ඩන් නාගරික පොලිස් නිලධාරියෙකු වන ස්ටුවර්ට් කන්ඩි මාධ්‍යට පවසා සිටියේ සිදුවීමෙන් අතුරුදන් සංඛ්‍යාව පිළිබඳව තවමත් නිශ්තිව ප්‍රකාශ කල නොහැකි බවයි.

මේ අතර මෙම අනතුරින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බටට වාර්තා වන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසා සිටී

 

මුල් පුවත,,,,

ලන්ඩනයේ තට්ටු 27 ක මහල් නිවාස සංකීර්ණයක් හදිසියේ ගිනි ගනියි.

බටහිර ලන්ඩනයේ උතුරු කෙන්සින්ටන් හි පිහිටි මහල් 27 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක  ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 40 ක් සමග ගිනි නිවන භටයින් 200 කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව වාර්තා වේ.

ලන්ඩන් වේලාවෙන් අද (14/06) අලුයම 12.45 ට පමණ ගින්න පිළිබඳ ලන්ඩන් ගිනි නිවන හමුදාවට ඇමතුමක් ලැබී ඇත.

විෂ දුම් ආඝ්‍රහණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 15 දෙනෙකුට මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙන බවද සඳහන්.

මෙම ගින්න එම ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සිට ඉහළම මහල දක්වා පැතිරී ඇති බවද වාර්තා වේ.

ගින්න සඳහා හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ගොඩනැගිල්ල තුළ සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් ශීග්‍රයෙන් සිදු කරමින් පවතින බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now