SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා පිළේ නව එක් දින නායකයා ලෙස මැතිව්ස් නැවතත් කරළියට.

Angelo Mathews reappointed SL ODI captain.
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක් දින ජාත්‍යන්තර තරග වල (පන්දුවාර 50 සහ 20-20) නව නායකයා ලෙස නැවතත් ඇන්ජලෝ මැතිව්ස් පත් කළ බව මීට ටික වෙලාවකට පෙර වාර්තා විය.

මීට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරමින් සිටි මැතිව්ස් මීට මාස 6 කට පමණ පෙර නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල්, උපුල් චන්දන සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා එක් දින නායකයින් ලෙස කටයුතු කළේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම 2018 වසර සඳහා සිය ප්‍රථම  සංචාරය උදෙසා එළඹෙන ජනවාරි 13 වන දින බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක් දින තරගාවලියක් පැවැත්වෙනු ඇත.

ඒ අනුව මැතිව්ස්ගේ නායකත්වයේ වැඩ ඇල්ලීම මෙම තරගාවලියෙන් ආරම්භ වේ.

මැතිව්ස් නැවත නායකත්වය බාරගැනීමට ශ්‍රී ලංකා පිළේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ප්‍රධාන හේතුවක් වූ බව වාර්තා වේ.

Espncricinfo ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now