SKIP TO MAIN CONTENT

මැතිව්ස්ට නැවතත් විවේකයක්.

Mathews ruled out again.
Source: AP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර සහ 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය මුළුමනින්ම සුව වී නොමැති බැවින් බංග්ලාදේශය සමග පැවැත්වෙන 20-20 තරග දෙකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 20-20 තරග ද්විත්වය පෙබරවාරි මස 15 සහ 18 දිනවලදී පැවැත්වීමට නියමිතය.

එළඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන ‘නිදහස් කුසලාන’ තුන්කොන් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now