මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Mathews steps down as Sri Lanka captain.

Source: AFP

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ.

සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇත.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (11/07) පස්වරුවේ සාකච්ඡා කර ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත.  දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇතැයි කියැවේ. එහෙත් උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.

මැතිව්ස් අද (12/07) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් තරග 34 ක්, එක් දින තරග 98 ක් සහ 20-20 තරග 12ක් මෙහෙයවා තිබේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now